සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් බදියුදීන්ගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරයි

සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් බදියුදීන්ගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරයි

April 26, 2019   04:13 pm

-4.33 pm අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලීසිය විසින් මුදා හැර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා යුද හමුදා විසින් බාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය වෙත බාර දී ඇත.

පසුගිය දා සිදු වු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහු හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් සිය බාරයට ගත් බව යුධ හමුදාව පවසා සිටියි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලීසියට බාර දී ඇත.