28 සිට දින තුනක් කාලගුණය තීරණාත්මකයි-හදිසි ආපදාවකට සියලු අංශ සූදානම්

28 සිට දින තුනක් කාලගුණය තීරණාත්මකයි-හදිසි ආපදාවකට සියලු අංශ සූදානම්

April 26, 2019   03:35 pm

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධන වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම  බණ්ඩාර මහතා පවසයි.

අද(26) ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, ලංකාවට කිලෝමිටර් 1000ක මුහුදු ප්‍රදේශයක කුණාටු තත්ත්වයක් වර්ධන වී ඇති බවත් මේ තත්ත්වය සමඟ මස 28, 29, හා මැයි 01 දින ඇති වන බවත්, මේ නිසා විශාල වර්ෂාපතනයක් (මිලිමීටර 100 -150ක) ඇතිවිමත්, අධික සුළං තත්ත්වයක් ඇති විමට ඉඩ ඇතැයි පැවසිය. 

මෙහි විශාල බලපෑම ධිවරයින්ට ඇති බව පැවසු ඇමතිවරයා, මේ දිනවල මුහුදු යාමෙන් වැළකි සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සියලු ම අංශ සුදානම් කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

මේ අවස්ථාවට එක් වු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කළේ, කාලගුණ ත්ත්තවයේ වෙනස්විමක් සිදු විමට ඉඩ ඇති බවයි.

සාමාන්‍යයෙන් සවස් භාගයේ දි ඇති වු වර්ෂා තත්ත්වය අද හා හෙට යන දින තුළ පවතින අතර 27,28 හා 30 යන දින හිදි මේ තත්ත්වය වෙනස්විමක් දක්නට ලැබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ දිවයින කිලෝමිටර් 1250ක දුරින් නැගෙනහිර දිශාව පොතුවිල ප්‍රදේශයට ආසන්නව අඩු පිඩන කලාපයක් වර්ධනය විමයි.

මෙය ඉදිරි දින කිහිපය තුළ දි පීඩන අවපාතයක් දක්වා වර්ධන වීමට ඉඩ ඇති බව ඔහු පැවසිය.

මෙහි දි අදහස් දැක්වු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා, මෙම අඩුපීඩන ත්ත්වයේ වැඩි පුරම අවධානමකට ලක් වන්නේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට හා ලංකාවේ නිරිත දිග ප්‍රදේශවලට බව කීය.

මේ ප්‍රදේශවලට වර්ෂාව වැඩි පුර බලාපොරොත්තු වන අතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාමත්ව විමසිල්ලෙන් සිටින ලෙස ද ඒ මහතා සඳහන් කළේය

ඒමෙන්ම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් හඳුනාගත් බැවුම්වල පදිංචි අයට දැඩි විමසිලලෙන් සිටින ලෙසත් හා වර්ෂාවත් සමඟ භුමියේ හදිසි නාය යාමක් ඉරිතැලිමක් සිදු වුවහොත් එම ස්ථානවලින් ඉහත් වන ලෙසත් දන්වා සිටියි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිරන්තරයේ පුර්ව දැනුම්දිම් සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වන ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙම මාධ්‍ය සාකච්ඡාවේදි පැවසීය.

මේ අනුව කැගල්ල ,රත්නපුර,ගාල්ල,මාතර යන දිස්ත්‍රික්ක මෙම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ වේ.

මේ අවස්ථාවට එක් වු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවසුවේ,සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශිය සහන සේවා දැනුම්වත් කර ඇති බව පැවසිය.

සුරක්ෂිත මධ්‍යස්ථාන සදහා පිසු ආහාර ,අවශ්‍ය සොෟඛ්‍ය සේවා සපයා ඇති බව පැවසු ඒ මහතා,සෑම දිස්ත්‍රික්කයක් සඳහා ම රුපියල් මිලියනයක මුදලක් ලබා දි ඇති බව පැවසීය. 

ඒමෙන් ම ජාතික සිවභාවික රක්ෂණ ආවරණය යටතේ පිසූ ආහාර සඳහා මුදල් ලබා දීමට හැකි බව ද සඳහන් කළේය.

සිදු විය හැකි ආපදා තත්ත්වයක දී සෞඛ්‍ය සේවාද පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා,අතිරේක ලේකම්, වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පැවසිය.මෙ සම්බන්ධ සියලුම දිස්ත්‍රිකකවල වෛද්‍ය අංශ දැනුම්වත් කර ඇති බව පැවසීය.

 කාලගුණ විපර්යාසය සම්බන්ධයෙන් වැඩිම බලපැමක් ලක් වන්නේ ධිවර ජනතාවට බවත් ඒ හේතුවෙන් 28,29,30 යන දිනයන් හි හම්බන්තොට සිට යාපනේ දක්වා නැහෙනහිර මුහුදේ බහු දින හා එක් දින යාත්‍රා ඉවත් කිරිමට කටයුතු කරන බව ධිවර අමාත්‍යයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසීය.