කොලරාඩෝ ප්‍රාන්තයේ රිය අනතුරකින් රථ වාහන රැසක් ගිනි ගනී
සයුරෙන් එතෙර

කොලරාඩෝ ප්‍රාන්තයේ රිය අනතුරකින් රථ වාහන රැසක් ගිනි ගනී

April 26, 2019   03:07 pm

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සිදුවු දරුණු රිය අනතුරකින් රථ වාහන රැසක් ගිනි ගෙන විනාශ වී ඇත.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොලරාඩෝහි අධිවේගී මාර්ගයක ගමන්ගත් ට්‍රැක්ටරයක බද කොටස තවත් රථ වාහන කිහිපයක ගැටීමෙන් විශාල අනතුරක් සිදුව ඇත.

ලේක්වුඩ්හි ඩෙන්වර් උපනගර සමීපයේ සිදුවූ අනතුරින් පසු වාහන කිහිපයක් ගිනිගෙන දැවී ගොස් තිබුණි.

ගිනි නිවන සේවකයන් කඩිනමින් පැමිණ ගින්න නිවා දැමීමට මහත් වෙහෙසක් ගත්තත් ඉන් අදාළ රථ වාහන කිහිපයක් මුලුමනින්ම පාහේ දැවී විනාශ වී ඇති බව බලධාරීන් පවසා සිටියි.

අනතුර හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති නමුත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.

අනතුරින් පසු අධිවේගී මාර්ගය වසා දැමීමට බලධාරීන්ට සිදුවුණි.

අනතුරින් පසු ගින්න ඇතිවීමට නිශ්චිත හේතු මෙතෙක් හඳුනාගෙන නැතත්, ඉන්ධන කාන්දුවක් ඊට හේතුවන්නට ඇතැයි විශ්වාසය පළ කෙරෙයි.