ලබන 28 සිට ප්‍රදේශ රැසකට තද වැසි

ලබන 28 සිට ප්‍රදේශ රැසකට තද වැසි

April 26, 2019   02:28 pm

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලබන 28 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනකාරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අද (26) පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වය පිළබඳ ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේය.

මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.