ප්‍රහාරවලින් විපතට පත්වුවන් වෙනුවෙන් අරමුදලක්

ප්‍රහාරවලින් විපතට පත්වුවන් වෙනුවෙන් අරමුදලක්

April 26, 2019   01:17 pm

පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ කරන්නට තීරණය කර තිබෙන බව කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

එම ගිණුම බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ආරම්භ කර ඇති අතර ''කොළඹ අගරඳගුරුතුමා ''කියන නමටයි ගිණුම ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන කළේය. 

අරමුදල නම් කරන්නේ ''2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල'' යන නමින්ය

බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යන ගිණුමට ඔබගේ පරිත්‍යාග බැර කළ හැකි බවද අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ඉල්ලා සිටියි.