සහරාන් හෂීම් තවුහිත් ජමාද් සංවිධානයේ සාමාජිකයෙක් නෙමෙයි

සහරාන් හෂීම් තවුහිත් ජමාද් සංවිධානයේ සාමාජිකයෙක් නෙමෙයි

April 26, 2019   12:53 pm

සිවිල් ජනතාව සහ ළමුන් ඝාතනය කරන පුද්ගලයින් මුස්ලිම් ප්‍රජාවට අයත් නොවූවන් බව ජාතික තවුහිත් ජමාද් සංවිධානය නායක තවුෆීක් මව්ලවිතුමා පවසයි.

ඊයේ(25) කත්තන්කුඩි තවුහිත් ජමාද් සංවිධානයේ මුස්ලිම් දෙවස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික තවුහිත් ජමාද් සංවිධානය 2012 සහරාන් හෂීම් නැමති පුද්ගලයා විසින් ආරම්භ කළ ඇති බවත් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් සහරාන් හෂීම් නැමැත්තා 2017 එම සංවිධානයෙන් ඉවත් කළ බවත් ජාතික තවුහිත් ජමාද් සංවිධානය නායක තවුෆීක් මව්ලවිතුමා සඳහන් කළේය.

ඊලාම් ධර්මය යනු පැහැදිලි දැක්මක් හා නීති රීති ඇති ආගමක් බවත් ඊලාම් බැතිමතුන් පසුගිය පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධයක් නොමැති බවත් තවුහිත් ජමාද් සංවිධානය නායක තවුෆීක් මව්ලවිතුමා වැඩිදුරටත් පැවසීය.