මිය ගිය ලාංකීකයන්ට ගෞරවය දක්වන්න ලොව උසම තැනත් එක්වෙයි
April 26, 2019 10:53 am
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි.
ඩුබායි හි සංඛේතයක් මෙන්ම ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ලෙසින්ද සඳහන් වන බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල ඊයේ(25) ශ්‍රී ලාංකේය ධජයේ වර්ණයෙන් සරසා තිබුණි.
පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේදී මියගිය පිරිස වෙනුවෙන් සිය ගෞරවය දැක්වීම සඳහා ඔවුන් මෙලෙස එම ගොඩනැඟිල්ල ලාංකේය ධජයෙන් අලංකාර කර තිබුණි.
මීටර් 828ක් උසින් යුතු බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම නගරය වන ඩුබායි හි පිහිටා තිබේ.