කාන්තාවන් හා දරුවන් ඝාතනය කළායැයි සයිප්‍රසයේ දී අයෙකුගෙන් පාපොච්චාරණයක්
සයුරෙන් එතෙර

කාන්තාවන් හා දරුවන් ඝාතනය කළායැයි සයිප්‍රසයේ දී අයෙකුගෙන් පාපොච්චාරණයක්

April 26, 2019   10:30 am

සයිප්‍රසයේ දී කාන්තාවන් 07 දෙනෙකු සහ ගැහැණු දරුවෙකු ඝාතනය කළ බවට පුද්ගලයෙකු පාපොච්චාරණය කර ඇත.

ඔහු විසින් ඝාතනය කළ කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු මේ මස මුලදී සොයාගෙන තිබු අතර තුන්වන මළ සිරුර ඊයේ (25) සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු 35 හැවිරිදි ග්‍රීක සයිප්‍රසයේ හමුදා නිළධාරියෙකු වන අතර ඔහුගේ නම අනාවරණය කර නැත.

ඝාතනය කර ඇති කාන්තාවන් ඉන්දීය නේපාල සහ රොමේනියානු ජාතිකයන් බව වාර්තා වෙයි.

සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ පසුවන අතර පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍ය විශේෂඥ විමර්ශන කණ්ඩායමක සහය ලබා ගැනීමට නියමිතයි.