විදෙස් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ අය මෙරට නීතියෙන් අත්අඩංගුවට ගන්න බෑ-අගමැති

විදෙස් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ අය මෙරට නීතියෙන් අත්අඩංගුවට ගන්න බෑ-අගමැති

April 26, 2019   08:59 am

IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රමාත්‍යවරයා පවසා සිටියේ විදෙස් ත්‍රස්ත සංවිධානයක් සමඟ එක්වූ තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සදහා ප්‍රමාණවත් නීති ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් සිරියාවට ගිය බව හා විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ වූවායැයි දැන සිටි නමුත් විදෙස් රටකට යාම හා විදේශීය අවිගත් නැගිටීමකට එක්වීම ලංකාවේ පවතින නීතියට අනුව වරදක් නොවන බවත්ය.

ඉස්ලාමීය රාජ්‍ය (IS) ශ්‍රී ලංකාවේ නීතිය අනුව ත්‍රස්තවාදී කණ්ඩායමක් වන නමුත් විදේශීය ත්‍රස්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ වී සිටින අය අත්අඩංගුවට ගැනීම සඳහා රටේ නීතියක් නොපවතින බවත් ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අයත් අය පමණක් අත්අඩංගුවට ගත හැකි වන බවත්  ඒ මහතා ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් කියා සිටියේය.