පුත්තලමේ දී ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

පුත්තලමේ දී ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

April 26, 2019   07:44 am

පුත්තලම පොලිස් වසමේ නූර් නගර් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, සජීවි පතරොම් 6ක්, හිස් කොපු 05ක් හා ගංජා මිලිග්‍රෑම් 380ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (25) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස අවුරුදු 35ක් වූ කඩයාකුලම්, මනගුණ්ඩුව, පුත්තලම ප්‍රදේශයේ පදිංචි නූර්දීන් බසීර් මොහොමඩ් ඉස්මන් නැමැති අයෙකි.

සැකකරු අද (26) වන අද දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පුත්තලම පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.