ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

April 25, 2019   06:30 pm

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් මීට සුළු වේලාවක පෙර ඉල්ලා අස්වී තිබේ.

පසුගිය පාස්කු ඉරිදා  දිල එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් තමන් ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා අදාළ ලිපිය මඟින් සඳහන් කරයි.

මේ අතර අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ප්‍රහාරයට අදාළව පොලීසියෙන් යම් වරදක් සිදුව ඇත්නම් එහි වගකීම තමන් භාරගන්නා බවයි.

මේ අතර, අදාළ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද ඉවත් විය යුතු බවට විවිධ පාර්ශ්ව මත පළ කළ අතර, පවතින තත්ත්වය අනූව පොලිස්පතිවරයා ඉවත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාවක් මඟින් පත් කරනු ලබන ත්‍රිපුද්ගල කමිටුවේ තීරණය පාර්ලිමේන්තුව තුළදී සම්මත කිරීමෙන් පසුවයි.

21 වැනි ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමඟ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බව පසුගිය අගහරුවාදා ජාතිය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින් දැක්වෙයි.

ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම by Prageeth Karunasinghe on Scribd