මුස්ලිම් පල්ලිවල හෙට ජුම්මා යාඥාව නවතී?

මුස්ලිම් පල්ලිවල හෙට ජුම්මා යාඥාව නවතී?

April 25, 2019   05:57 pm

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ සාමුහික ජුම්මා යාඥාව පැවැත්විමෙන් වැලකී සිටින ලෙස තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පාස්කු ඉරිදා දින සිදු වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වී ජිවිතක්ෂයට පත්වූ හා තුවාල ලැබූ සියලු දෙනාට සිය බලවත් කණුගාටුව පල කරන අතර සිද්ධියෙන් සංවේගයට පත්ව සිටින කතෝලික ප්‍රජාව සමග සියලුම මුස්ලිම් ජනතාව සිටින බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.