අදත් ඇඳිරි නීතිය පනවයි
April 25, 2019 04:46 pm
අද(25) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ අතර, ඊයේ(24) රාත්‍රී 10 සිට අද උදෑසන 4 දක්වා දක්වා ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් දිවයින පුරා සිදු කරනු ලබන ආරක්ෂක වැඩ කටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.