තියුණු ආයුධයකින් පහරදී කතක් ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී කතක් ඝාතනය කරයි

April 25, 2019   04:28 pm

අම්පාර, උහන, හිමිදුරාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඊයේ(24)  මෙම ඝාතනය සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලසෙ මියගොස් ඇත්තේ උහන, හිමිදුරාව ප්‍රදේශයේ පිදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

මිය ගිය කාන්තාවගේ දියණිය අදාළ සැකකරු සමඟ අනියම් සම්බන්තාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවට වාර්තා වෙයි.

අදාළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක් බවට අප වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.