මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 21ක් සමඟ තිදෙනෙක් මෝදර දී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 21ක් සමඟ තිදෙනෙක් මෝදර දී අත්අඩංගුවට

April 25, 2019   03:30 pm

මෝදර, මුතුවැල්ල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බ  සහ කඩු සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකායේ ද සහය ඇතිව අද දහවල් මෙම වැටලීම සිදු කර තිබුණි.

එහිදී වෑන් රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අංඩගුවට ගෙන තිබේ.

සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ 21ක් සහ කඩු 06ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.