ඇන්ඩෲ රසල් ලෝක කුසලාන කොදෙව් සංචිතයට

ඇන්ඩෲ රසල් ලෝක කුසලාන කොදෙව් සංචිතයට

April 25, 2019   03:18 pm

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ රසල් ඇතුළත් කර ඇත.

2018 වසරේ ජුලි මාසයෙන් පසුව එක්දින ජාත්‍යන්තර තරග සඳහා ඔහු සහභාගී වී නොමැති බව සඳහන්ය.

එමෙන්ම 2015 වසරෙන් පසු ඔහු කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ එක් තරගයක් සඳහා පමණක් බව වාර්තා වෙයි.

ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මැයි මස අග දී ආරම්භ වීමට නියමිතය.