කම්කරුවන් සිව් දෙනෙක් අපද්‍රව්‍ය වලකට වැටී ජිවිතක්ෂයට
April 25, 2019 02:47 pm
වවුනියාව නගරයේ තාණ්ඩිකුලමේ ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය රැදී පැවති වලක් පිරිසිදු කිරීමට ගිය වව්නියාව නගර සභා සේවකයින් සිව් දෙනෙකු විෂ වායුව ආඝ්‍රහණය වීමෙන් අද(25) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ වව්නියාව ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වව්නියාව නගර සභාවට අයත් ගව ඝාතකාගාරය ටෙන්ටර් පදනම ලබාදෙන පවත්වා ගෙන ගොස් ඇති බවයි.
ගව ඝාතකාගාරයේ අපද්‍රව්‍ය වලක් අද දහවල් වව්නියාව නගර සභා සේවකයින් විසින් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට භාජනය වී ඇති බවයි.
අදාළ අනතුරින් වව්නියාව නගර සභාවට අයත් වයස අවුරුදු 28 ත් 42 ත් අතර නගර සභා සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.
පොලීසිය කියා සිටියේ, මියගිය පිරිසගේ මළ සිරුරු වව්නියාව රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.