මොසැම්බික් රාජ්‍යට රතු නිවේදනයක්
සයුරෙන් එතෙර

මොසැම්බික් රාජ්‍යට රතු නිවේදනයක්

April 25, 2019   02:37 pm

කෙනත් සුළි කුණාටුව හේතුවෙන් මොසැම්බික් රාජ්‍යට රතු නිවේදන නිකුත් කර ඇත.

එරට ආපදා කළමනාකරණ නිළධාරීන් විසින් මෙම නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙනත් සුළි කුණාටුව හේතුවෙන් ටැන්සානියාවේ දකුණු දිග ප්‍රදේශයට ද බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම්දී ඇති අතර පාසල් හා රාජ්‍ය ආයතන වසා දැමීමට ද පියවර ගෙන ඇති බව සඳහන්ය.