රංගන ශිල්පී රයන් යළි රිමාන්ඩ්

රංගන ශිල්පී රයන් යළි රිමාන්ඩ්

April 25, 2019   02:29 pm

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද(25) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කෙරෙන කෙරෙයි.

මේ අතර, රයන් රෝයන් මහතා ගංජා ළඟ තබා සිටියේ ද නැතිනම් ප්‍රවාහනය කර පලා ගියේ ද යන්න පිළිබඳ නිවැරදි වාර්තාවක් ඊළඟ නඩු දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද වැලිගම පොලීසියට අධිකරණය විසින් නියෝග කළේය.

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ සිට එරටින් පිටුවහල් කෙරුණු රයන් වෑන් රෝයන් කටුනායක ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 4 වන දා වැලිගම පොලීසියට වෙත භාරදෙනු ලැබීය.

වැලිගම පොලීසිය මඟින් ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා නියෝග කළේය.