අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වීමේ අවදානමක්

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වීමේ අවදානමක්

April 25, 2019   01:18 pm

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

මේ හේතුවෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් හා ධීවරයන්ගෙන් ඉල්ලා සිටියි.

අද (25) සවස 2න් පසු සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව සහ බස්නාහිර ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.