අම්බලන්තොට ලංගම බස් රථයේ බෝම්බ නෑ-ජනතාව බිය ගැන්වු පුද්ගලයා සොයා පරීක්ෂණ
April 25, 2019 11:43 am
අම්බලන්තොට කොග්ගල්ල ප්රදේශයේ බස්රථ නවතා තබන ස්ථානයක ලංගම බස්රථයක් තුළ සැකකටයුතු යමක් ඇති බවට අම්බලන්තොට පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව අද (25) පෙරවරුවේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඒ අනුව එහි සැක කටයුතු ලෙස කම්බියකින් බදින ලද කාඩ් බෝඩ් පෙට්ටියක් පොලිසිය කල නිරීක්ෂණවලදී සොයා ගන්නා ලද අතර පසුව අම්බලන්තොට හා හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු දැනුවත් කර තිබේ.
විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා බෝම්බ නිෂ්ක්රිය අංශයේ නිලධාරීන් ගෙන්වා පරික්ෂා කිරීමෙන් පසු යම් අයෙකු විසින් ජනතාව බියගැන් වීම සඳහා සකසන ලද්දක් බව හෙළි වී තිබේ.
අදාළ ලංගම බස්රථය ධාවන කාලය නිම වීමෙන් පසු සෑම දිනකම එම ස්ථානයේ නතර කර යන බවත් එහි දොරවල්ද නිසි අයුරින් නොමැති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් මෙම කඩාකප්පල්කාරී ක්රියාව සිදුකල තැනත්තා අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් පරීක්ෂණ ක්රියාත්මක කර ඇත.