සයුරෙන් එතෙර
කිම් ජොන් හා පුටින් අතර සාකච්ඡා අද
April 25, 2019 10:54 am
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡා අද (25) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
රුසියාවේ රුස්කි දූපතේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායකයා ඊයේ (24) දුම්රියෙන් රුසියාවට පැමිණ තිබුණි.
කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බව රුසියාව පවසා සිටියි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන පිළිබඳව අවස්ථා දෙකකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ද උතුරු කොරියානු නායකයා සාකච්ඡා පවත්වනු ලැබුවේය.