පූගොඩ උසාවි සංකීර්ණය පිටුපස හිස් ඉඩමක සුළු පිපීරීමක්
April 25, 2019 09:42 am
ගම්පහ, පූගොඩ අධිකරණ සංකීරණය පිටුපස හිස් ඉඩමක සුළු පිපීරිමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
අද(25) උදෑසන මෙය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිදුවු පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපලකට හානි සිදුව නොමැති බව ද පොලීසිය පවසයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ විමර්ශන සිදු කරයි.