ඩ්‍රෝන සහ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවයි

ඩ්‍රෝන සහ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවයි

April 25, 2019   08:02 am

ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

දැනට රට තුළ උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවිම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.