මොරගහකන්ද නරඹන්න අද සිට යළි අවස්ථාව

මොරගහකන්ද නරඹන්න අද සිට යළි අවස්ථාව

April 25, 2019   07:28 am

මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා අද (25) දිනයේ සිට මහජනතාවට යළි අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිළධාරි පී.ජී දයානන්ද මහතා සඳහන් කළේය.

පැවැති අනාරක්ෂිත තත්ත්වය හමුවේ මෙරගහකන්ද ජලාශය මහජනතාවට නැරඹීමේ අවස්ථාව නතර කර තිබුණි.

ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස් විශේෂ පරික්ෂාවකට ලක් කරන  අතර රථ වාහන ව්‍යාපෘති භූමියෙන් පරිබාහිරව නැවතිය යුතු බව පී.ජි දයානන්ද මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මොරගහකන්ද  ජලාශ ව්‍යාපෘතිය නැරඹීමට පැමිණෙන පිරිස් පළමුව මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ එහි ප්‍රදර්ශනය කෙරෙන විඩියෝ පටය නරඹා දැනුවත් කිරීමේ අත්පත්‍රිකා සහ ජලාශය නැරඹිම සඳහා නිකුත් කෙරෙන විශේෂ අවසර පත්‍රය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.