බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාව ඉල්ලා අස්ගිරි පාර්ශවයෙන් නිවේදනයක්

බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාව ඉල්ලා අස්ගිරි පාර්ශවයෙන් නිවේදනයක්

April 25, 2019   06:44 am

ජාතික අවශ්‍යතාවය සලකා බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාවක් ලබා දීමට වාහාම කටයුතු කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශවය අවධාරණය කර සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව විසින් මේ බව සඳහන් කර ඇත.

වර්තමාන ආගමික අන්තවාදය රට තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වූයේ පලපුරුදු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරින් විශාල පිරිසක් විවිධ හේතු මත සිරගත කර සිටීම ප්‍රකට කරුණක් බව එම නිවේදනයේ සඳහන්ය.