ඇඳිරි නීතිය ඉවතට

ඇඳිරි නීතිය ඉවතට

April 25, 2019   06:22 am

ඊයේ(24) රාත්‍රී 10 සිට දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද(25) අලුයම 4ට ඉවත් කෙරුණි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම් වලදී සැකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත හාරයෙන්  සම්බන්දයෙන් මේවන විටත් සොදිස්සි මෙහෙයුම් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව අඛණ්ඩව සිදු කරයි.

එහිදි ඊයේ රාත්‍රියේ  සිදු කළ සොදිස්සි මෙහෙයුම් වලදි සැක කරුවන් 16 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි එක් සැක කරුවෙකු ත්‍රස්තවාදි කණ්ඩායමකට සම්බන්ද බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත හාරයෙන් රටවල් 13කට අයත් විදේශිකයින් ජිවිතක්ෂයට පත් ඇති බවට තහවුරු වී තිබේ.

මියගිය විදේශිකයින් චීනය, ඉන්දියාව,  බංග්ලාදේශය, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ප්‍රංශය, තුර්කිය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලට අයත් බව සඳහන් වෙයි.

ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු, ඩෙන්මාර් ජාතිකයින් තිදෙනෙකු ඒ අතර වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනයි.

ඊට අමතරව අදාල ප්‍රහාරවලින් තවත් විදේශකයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේවනවිට 359ක්. 

මේ  අතර හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරන්නේ ගෙවිගිය පැය 12 කාලය තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු සිදුවිමක් වර්තා නොවන බවයි.