ISO තත්ත්ව සහතිකයක් අතැතිව සිදු කළ මහජන මුදල් නාස්තියක්

ISO තත්ත්ව සහතිකයක් අතැතිව සිදු කළ මහජන මුදල් නාස්තියක්

April 9, 2019   07:26 pm

අයි.එස්.ඕ තත්ත්ව සහතිකයද හිමි රජයේ සංස්ථාපිත ආයතනයක් සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් සිදු කළ මහජන මුදල් නාස්තියක් පිළිබඳව අද දෙරණ උකුස්සාට කෑගල්ලෙන් වාර්තාවිය.

අද උකුස්සා අනාවරණය ඒ පිළිබඳවයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව , නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංස්ථාපිත ආයතනයක්.

එහි කාර්යභාර්ය, ‍මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි.

ඒ අනුව 2011 වසරේ කෑගල්ලේ පැවැති දැයට කිරුළ වැඩසටහන යටතේ දැරණියගල දෙමැද මාර්ගයේ කිලෝමීටර් 60ක පමණ කොටසක් කාපට් යොදා සංර්ධනය කිරීමට අදාළ සංස්ථාවට පැවරෙයි.

එහි ප්‍රතිඵළයක් ලෙස රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අයත් ගල්රෝල් ඇතුළු මාර්ග සංවර්ධනයට යොදාගන්නා වාහන රැසක් එම ප්‍රදේශයට ගෙනඑනු ලබනවා.

මාර්ග පිළිසකර කිරීම ආරම්භ කර දැනට වසර අටක් ගතවී ඇතත් මෙතෙක් එහි කිසිදු කටයුත්තක් සිදුව නැහැ. 

ඇණහිට ඇති මෙම ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමට එහි ගිය අපට දැකගත හැකි වූයේ රුපියල් මිලියන ගණනක් වටිනා රාජ්‍ය දේපල  විනාශ මුඛයට යමින් තිබෙන ආකාරයයි. 

ISO 9001:2008 තත්ත්ව සහතිකයටද හිමිකම් කියන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරීත්වය අනුමත කළ හැක්කේ කාට ද?

අද දෙරණ උකුස්සා අවධානයෙන්...