ආණ්ඩුවට තියෙන “ගෝඨා බය“ ගැන ගම්මන්පිල කියයි

ආණ්ඩුවට තියෙන “ගෝඨා බය“ ගැන ගම්මන්පිල කියයි

March 21, 2019   11:27 am

ජිනිවා මානව හිමිකම් කොමිසම තුළදි ශ්‍රී ලංකා රජයට එල්ලවු චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දිමට තිබු අවස්ථාව ආණ්ඩුව මඟ හැර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගාල්ල , යක්කලමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

රටක් නිදහස් කළ රණවිරුවා පවා දීම ආණ්ඩුවක් ලෙස සිදු නොකළ යුතුව තිබු බව ද සඳහන් කළ රාජපක්ෂ මහතා, ජිනිවා මානව හිමිකම් කොමිසම තුළදි ශ්‍රී ලංකා රජයට එල්ලවු චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දිමට තිබු අවස්ථාව ද ආණ්ඩුව විසින් මඟ හැරිය බව පැවසීය.

අවසාන වශයෙන් තිබු අයිතිය හෝ පාවිච්චි නොකළ බව ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, රට ඉල්ලන පුද්ගලයා ඉදිරියේ දී ලබා දෙන බවත්, අනාගතයේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන්නේ ජනාධිපති අපේකෂකයෙක් නොව රටේ අනාගත ජනාපතිවරයා බවයි.

මේ සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙන මාධ්‍යෙවේදීන් පැවසීමේ දී එයට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, ගෝඨාභය ජනපති අපේක්ෂකයා වන බවත්, එයට රජය බිය වී ඇති බවත්ය.