නවසීලන්තයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කෙරෙයි
සයුරෙන් එතෙර

නවසීලන්තයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කෙරෙයි

March 21, 2019   11:12 am

නවසීලන්තය තුළ සියලුම වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම් කරන බව අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් ප්‍රකාශ කර ඇත.

නව නීති සංශෝධනය අප්‍රේල් මස 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාතවරිය සඳහන් කර ඇත.

නවසීලන්තයේ ක්රයයිස්චර්ච්හි සිදු වූ ත්‍රසත ප්‍රහාරයට සැකකරු භාවිත කළ වර්ගයේ ගිනිඅවි මෙම තහනමට ඇතුළත් වෙයි.

පසුගිය 15 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය නවසීලන්ත ඉතිහාසය මුළුමනින්ම වෙනස් කළ බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා සිටියාය.

මේ හේතුවෙන් තම රටේ පවතින නීති ද සංශෝධනය කිරිමේ අවශ්‍යතාව මේ වන විට  පැන නැගී ඇති බව ඇය පෙන්වා දී ඇත. 

ගිනි අවි පිළිබඳ නීති සංශෝධනයට අදාළ යෝජනාව අප්‍රේල් මස පළමු සතියේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.