මැණික් සෙවු 5ක් නීතියේ රැහැනට හසුවෙයි

මැණික් සෙවු 5ක් නීතියේ රැහැනට හසුවෙයි

March 21, 2019   09:50 am

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාළ සැකරුවන් අද(21) අළුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසිය.

බොගවාන තේ වතු යායේ තේ පදුරු ගලවා විශාල වලවල් හාරා මෙම ජාවාරම්කරුවන් පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ  නිලධාරින් විසින් වැටලිමක් සිදු කර ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මැණික් ගැරීමට උපයෝගි උපකරණ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් ක‍ළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.