මොරටුමුල්ලේ ද්වත්ව ඝාතනයට සම්බන්ධ කතක් අත්අඩංගුවට

මොරටුමුල්ලේ ද්වත්ව ඝාතනයට සම්බන්ධ කතක් අත්අඩංගුවට

March 21, 2019   09:04 am

පිළියන්දල-මොරටුමුල්ල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රධාන සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් කාන්තාවක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) වැලිගම ප්‍රදේශයේ සැඟව සිටියදී මෙම කාන්තාව  අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ සැකකාරිය වයස අවුරුදු 34ක් වූ අංක 15, සහබන්දු වත්ත, පැලෑන වැලිගම ලිපිනයේ පදිංචිකාරිනියකි.

මෙම සැකකාරිය අද(21) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉකුත් 14 වැනිදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් තිබුණි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබුණි.

එහිදී 55 හැවිරිදි බස් රථ හිමිකරු හා ඔහුගේ පුත්‍රයාගේ මිතුරා වන 27 හැවිරිදි තරුණයා ජිවිතක්ෂයට පත්විය.

මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව සඳහන්ය.