ජීවිත දෙකක් දිය යට සැඟව යයි

ජීවිත දෙකක් දිය යට සැඟව යයි

March 21, 2019   08:27 am

අම්බලන්ගොඩ, අකුරල මුහුදු ප්‍රදේශයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

දියනෑමට ගිය පිරිසක් අතරින් පුද්ගලයින් දෙදෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුව ඔවුන් දෙදෙනා බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු සහ කහව ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේය.

මිය ගිය පුද්ගලයන්ගේ මෘත ශරීර බලපිටිය රෝහලේ තැම්පත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.