නාවික මෙහෙයුමකින් බීඩි කොළ කිලෝ 912ක් සොයා ගනී-2ක් මාට්ටු

නාවික මෙහෙයුමකින් බීඩි කොළ කිලෝ 912ක් සොයා ගනී-2ක් මාට්ටු

March 21, 2019   07:54 am

බීඩි කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ සහිත ගෝනි 27 ක් නවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. 

අදාළ සැකකරුවන් හා බීඩි කොළ ඊයේ(20) රාත්‍රී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.  

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32 සහ 38 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරනු ඇත.