කෝටි ගණනක රත්‍රං එක්ක 09ක් රේගුවේදී මාට්ටු

කෝටි ගණනක රත්‍රං එක්ක 09ක් රේගුවේදී මාට්ටු

March 21, 2019   07:15 am

රුපියල් කෝටි 04කට ආසන්න රත්‍රං තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් 09 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රත්‍රං කැබලි ඔවුන්ගේ මුඛය තුළ, ඇදුම් තුළ සහ භාණ්ඩ රැගෙන යන ගුවන්තොටුපල ට්‍රොලි රථවල යට කොටසේ සඟවා තිබියදී සොයා ගත් බව රේගුව සඳහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී රත්‍රං කැබලි 59ක් සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් තුන් කෝටි අනූ දෙලක්ෂයක් පමණ වෙයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර තිදෙනෙකු ලාංකිකයින් වන අතර අනෙක් 06 දෙනා ඉන්දීය ජාතිකයින් බව වාර්තා වෙයි.

ශ්‍රී ලාංකිකයින් තිදෙනා වව්නියාව, මහනුවර සහ කඩුගන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන්දීයා ජාතිකයින් 06 දෙනා තමිල්නාඩු ප්‍රාන්තයේ සහ චෙන්නායි නුවර පදිංචිකරුවන් බව සඳහන්ය.