යුද සමයේ මානව හිමිකම් කඩ වී ඇත්නම් නොබියව ඕනෑම පරික්ෂණයකට සුදානම්

යුද සමයේ මානව හිමිකම් කඩ වී ඇත්නම් නොබියව ඕනෑම පරික්ෂණයකට සුදානම්

March 19, 2019   05:14 pm

යුද සමයේ යම් කිසි මානව හිමිකම් කඩ කිරිමක් සිදු වි ඇත්නම් ඒ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරික්ෂණයකට නොබියව මුහුණ දීමට ශ්‍රී ලංකා යුද හමුදාව සුදානමින් සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පසුගියදා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Press Trust of India (PTI) නම් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඔනෑම යුද්ධයකදි සිවිල් වැසියන් මිය යාම නැවැත්විය නොහැකි බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළ බවයි.

නමුත් තමන් එයින් අදහස් කරන්නේ  ශ්‍රී ලංකා යුද හමුදාව මානව හිමිකම් කඩකළ බව නොවන බවද මහේෂ් සේනානායක මහතා ප්‍රකාර කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ.