සිසුවෙකුට ලිංගික අතවර කළ දහම් පාසල් විදුහල්පති අත්අඩංගුවට
March 19, 2019 04:06 pm
සිගිරිය පොලිස් බල ප්රදේශයේ පිහිටි දහම් පාසලක ඉගෙනුම ලබන 12හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කල බවට වූ පැමිණිල්ලකට අනුව එම දහම් පාසල් විදුහල්පතිවරයා සිගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විදුහල්පතිවරයා ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
පසුගිය 17 ඉරිදා දිනයේ දහම් පාසැල පැවැත්වෙන අවස්ථාවේ විදුහල්පතිවරයාගේ කාමරයට දරුවා කැඳවා අපයෝජනයට ලක්කල බවට දරුවාගේ දෙමව්පියන් විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
සැකකරා විදුහල්පතිවරයා 60 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිගිරිය පොලීසිය පරීක්ෂණ සිදුකරයි.