පාරක් නැති නිසා දුක් විදින මිනිසුන්

පාරක් නැති නිසා දුක් විදින මිනිසුන්

March 19, 2019   12:51 pm

වැලිමඩ ගුරුතලාව කදුරුදෙක ප්‍රදේශය හරහා අලුගොල්ල දක්වා දිවෙන මාර්ගය කලක සිට අබලන්ව පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටියි.

කඳුරුදෙක ,අලුගොල්ල, තැන්න ,කෙරදිමුල්ල ,ආදි ප්‍රදේශ රැසක ගම්මානවල ජීවත්වන පවුල් 500ක ජනතාව දෛනිකව භාවිත කරන මාර්ගය වන්නේ ගුරුතලාව සිට කදුරුදෙක ප්‍රදේශය හරහා අලුගොල්ල දක්වා දිවෙන මෙම මාර්ගයයි.

කලක සිට අබලන්ව පවතින මෙම මාර්ගයේ රෝගී පුද්ගලයෙකු රැගෙන යාමට ‍හෝ නොහැකි බවප්‍රදේශවාසීන් පවසන්නේය. 

ඔවුන් ඉල්ලා සිටින්නේ තම දෛනික ගමනාගමන කටයුතු සිදුකර ගතහැකි අන්දමින් මාර්ගය පිළිසකර කර දෙන ලෙසයි.