නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට විශේෂ වැටලීම් ඒකකයක්
March 18, 2019 10:04 pm
මිරිදිය ධිවර කටයුතුවලදී සිදුවන නීති විරෝධී ක්‍රියා පාලනය සඳහා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා තීරණය කර ඇත.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යතුමා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්යක්ෂ ජෙනරාල් වෙත උපදෙස් ලබා දී තිබේ.
රට අභ්‍යන්තරයේ විශාල ජලාශ , කාලීන ජලාශ සහ මධ්‍යකාලින ජලාශ 12.000 ක පමණ මිරිදිය ධිවර කර්මාන්තය ක්‍රියාත්මක වෙයි.
ඒ ආශ්‍රිතව 40.000 ක් පමණ සංඛ්‍යාවක් මිරිදිය ධිවර කර්මාන්තයේ නිරතව සිටි.
ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය ගහනය පවත්වාගැනීම සඳහා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් සෑම වසරකම මත්ස්‍ය පැටවුන් ලක්ෂ ගණනක් එම ජලාශවල තැන්පත් කරයි. පසුගිය 2018 වසරේ පමණක් මත්ස්‍ය පැටවුන් ලක්ෂ 1100 ක් එම ජලාශවල තැන්පත් කර ඇත. 2018 වසරේ සංඛ්‍යා ලේඛන අනුව මිරිදිය මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 86.000 කි.
නමුත් නීති විරෝධී පන්න භාවිතය හේතුවෙන් මෙම මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස පහත වැටි තිබේ. කිලෝ එකක් එකහමාරක් පමණ වැඩෙන මත්ස්‍යයෙක් මෙම නීති විරෝධී පන්න භාවිත කරන සහ ධිවරයින් නොවන පුදගලයින් ග්‍රෑම් 200 තරම් කුඩා මත්ස්‍යයින් පවා නෙලාගන්නා බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
එම අධිකාරිය සඳහන් කලේ දිනකට මිරිදිය ධිවර කාර්මිකයෙකු නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්නට වඩා විශාල මත්ස්‍ය අස්වැන්නක් මෙම පුද්ගලයින් එකවර නෙලාගැනීම හේතුවෙන් කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවය.
මෙම කටයුතු වඩාත් නිත්‍යානුකුලව සිදු කිරීම සඳහා අදාළ වැටලීම් කිරීමේදී ඒ සඳහා එම ප්‍රදේශයේ පොලිසියේ හෝ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගැනීමට මෙන්ම නීති විරෝධී ධිවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගන්නා සියලු දෙනා නිතිය හමුවට පමුණුවා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර ධීවරයා මෙන්ම ධිවර කර්මාන්තය රැකගැනීමට කටයුතු කරන ලෙසත් මෙහිදී ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට රාජ්‍ය අමාත්‍යතුමා උපදෙස් දී තිබේ.