නෙදර්ලන්ත වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 3ක් මරුට-9කට තුවාල
සයුරෙන් එතෙර

නෙදර්ලන්ත වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 3ක් මරුට-9කට තුවාල

March 18, 2019   09:35 pm

නෙදර්ලන්තයේ උත්‍රැක්ට් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගොක්මන් ටැනිස් නමැති 37 හැවිරිදි තුර්කි ජාතිකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සැකකරු විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න පිළිබද මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ පාසල්, විශ්වවිද්‍යාලය ස්ථාන තාවකාලිකව වසා දැමීමට ද එරට ආරක්ෂ අංශ පියවර ගෙන තිබුණි.