පොලියට ගුටි දීම-CCTV දර්ශන සහිතයි

පොලියට ගුටි දීම-CCTV දර්ශන සහිතයි

March 18, 2019   07:13 pm

තංගල්ල නෙතුල්පිටිය වැලිආර ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට පසුගියදා පැමිණි කිසියම් පිරිසක් එහි අයිතිකරුට පහරදී පලා යන ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරවක සටහන්ව තිබුණේය.

පොලී ආරවුලක් මත සිදුව ඇතැයි පැවසෙන පහරදීමෙන් එහි හිමිකරු මේ වනවිට කරාපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පහර දීමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.