ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහන

ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහන

March 18, 2019   07:07 pm

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය භාරයේ ඇති සැරියුත් මුගලන් අග්‍රාශ්‍රාවකයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පරකඩුව අමුහේන්කන්ද ශ්‍රී විමලාරාම මහ විහාරය වෙත අද (18) වැඩම කෙරුණේය.

ඒ ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහනට සමගාමීවයි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය භාරයේ ඇති සැරියුත් මුගලන් අග්‍රාශ්‍රාවකයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පරකඩුව  අමුහේන්කන්ද ශ්‍රී විමලාරාම මහ විහාරය වෙත වැඩමවීම අද උදෑසන ආරම්භ කෙරුණේ අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් එම ධාතූන් වහන්සේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාවෙත භාරදීමෙන් අනතුරුවයි.

මෙලෙස වැඩම කරවනු ලැබූ ධාතූන් වහන්සේ අද , හෙට (19) සහ අනිද්දා (20) යන තෙදින පුරා වන්දනාමාන කරගැනීමේ අවස්ථාව ඒ අනුව එම ප්‍රදේශවාසීන්ට උදා වේ.
 
ජනාධිපති කාර්යාලය,සබරගමුව පලාත්සභාව ඇතුළු සියළු රාජ්‍ය ආයතන එක්ව ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහන සංවිධානකර ඇත.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි.