සංඝරත්නයේ උපදෙස්වලට දේශපාලකයින් ඇහුම්කන් දෙන්නේ නෑ

සංඝරත්නයේ උපදෙස්වලට දේශපාලකයින් ඇහුම්කන් දෙන්නේ නෑ

March 18, 2019   06:57 pm

අද වන විට සංඝරත්නය දෙන උපදෙස්වලට ඇහුම්කන් දීමට තරම්වත් දේශපාලකයින්ට උනන්දුවක් නොමැති වීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී නාහිමියන් පෙන්වා දෙයි.

දිගන ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවැනි අනුශාසනාවලට සවන්නොදීමේ ප්‍රතිවිපාක ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වන බවයි.

දිගන රාජවාලුකාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැතිඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ (17) පැවැත් විය.