ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ප්‍රමාණයේ ණය අවලංගු කරනවා

ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ප්‍රමාණයේ ණය අවලංගු කරනවා

March 18, 2019   06:53 pm

ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ප්‍රමාණයේ ණය මුදල් අවලංගු කිරීමට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ අද (18) පස්වරුවේ පැවති උත්සවයකදීයි.

එහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පැවසුවෙ ග්‍රාමීය ආර්ථිකය දියුණුකිරීම සඳහා රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.

අනුරාධපුර කැකිරාව මහඇලගමුව රජමහා විහාරයේ ඉදිකිරීමට නියමිත දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත් විය.

විහාරස්ථ බෝධීන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට නිරාවරණය කිරීම අගමැතිවරයා අතින් සිදුවුණේ ඉන් අනතුරුවයි.