අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි

March 18, 2019   06:30 pm

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදයේ  පස්වන දිනය අදයි (18).

අද දිනයේ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, කම්කරු,  වෘත්තිය සබදතා හා සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යංශවලට අදාල වැය ශීර්ෂ විවාදයට ගැනුණේය.

විවාදයට එක්වෙමින් කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අදහස් පළ කළ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ද විවාදයට එක් විය.

උතුරේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, විමල් වීරවංශ සහ සාගල රත්නායක යන මැති ඇමිතවරුන් අදහස් පළ කළේය.