රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට සම්බන්ධ තවත් 8ක් අත්අඩංගුවට

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට සම්බන්ධ තවත් 8ක් අත්අඩංගුවට

March 18, 2019   06:25 pm

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ අඩවි වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරුන් 02 කු ඇතුළු නිලධාරීන් 07 දෙනෙකු  සහ වලස්මුල්ල රක්ෂිතයේ අඩවි වන නිලධාරියා අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සදහන්.

අද (18) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම්දිමකට අනුව ඔවුන් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.