නොර්වුඩ් ප්‍රදේශයට අයිස් වැසි

නොර්වුඩ් ප්‍රදේශයට අයිස් වැසි

March 18, 2019   05:13 pm

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (18) පස්වරුවේ තද  වැසි පතිත වු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද පස්වරු 3.15 සිට පස්වරු 3.45 දක්වා බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත වි ඇති බව වාර්තා වේ.

කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නගර සිමාවේ ස්ථාන කිහිපයකට වර්ෂාවත් සමඟ අයිස් වැසි පතිත වු බව ප්‍රදේශවාසින් පවසු බව අප වාර්තාකරු සඳහන් කළේය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහල බැස තිබු අතර,  ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.