සියලු දෙනා සැබෑ ආර්ථික නිදහසක් උදාකරලිමට වැඩකළ යුතුයි

සියලු දෙනා සැබෑ ආර්ථික නිදහසක් උදාකරලිමට වැඩකළ යුතුයි

March 18, 2019   04:59 pm

ඕනෑම රටකට නරක කාලයක් උදා වන්නට හැකි බවත් ශ්‍රී ලංකාවත් නරක කාලයක් පසුකළ බවත් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම එකට එකතුවී මේ රටට සැබෑ නිදහසක්, සැබෑ ආර්ථික නිදහසක් උදාකරලීම වෙනුවෙන් වැඩකළ යුතු කාලය දැන් එළඹි ඇති බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ සියල්ල අමතක කර දමා රට ගැන සිතිය යුතු බවද අමාත්‍යවරයා පවසයි.

මේ වනවිට ජනාධිපතිතුවරයාත්, අග්‍රාමාත්‍යවරයාත්  රටේ අනාගතය, ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදී තිබෙන බවත් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගිය දින යාපනය යූනියන් පාසලේ නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

 2017 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලද අතර, ඒ සඳහා මිලියන 55ක් වැය වන ලදී.