තණමල්විල සිදු වු අනතුරකින් ගැබිණි මවත් රෝහලට

තණමල්විල සිදු වු අනතුරකින් ගැබිණි මවත් රෝහලට

March 18, 2019   03:25 pm

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය දෙහිගස් හංදිය ප්‍රදේශයේ දී ඊයේ (17) පස්වරුවේ සිදු වූ අනතුරකින් ගැබිණි මවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබාඇත.

තිරෝද රථයක් මාර්ගයේන් ඉවතට පැන අසල තිබූ බස් නැවතුමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බව පොලිසිය පවසයි.

අනතුරින් පසු තුවාල කරුවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර පසුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් මොනරාගල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

 මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.