FM දෙරණ දඹදිව වන්දනා නඩය අද ජේතවනාරාමයට
March 18, 2019 02:26 pm
FM දෙරණ ශ්‍රවණය කර දඹදිව වන්දනා වරම් මිහිකරගත් හයවන අදියරේ සැදැහැවතුන් පිරිස අද (18) නේපාලයේ සිට සැවැත් නුවර ජේතවනාරාමය වෙත පැමිණියේය.
නේපාලයේ සිට සැවැත් නුවර ජේතවනාරාමය වෙත පැමිණි සැදැහැවතුන් පිරිසට ජේතවනාරාම පුදබිමේ සිට සිල් සමාදන් වීමේ අවස්ථාව හිමි විය.
එහිදී පිරිසට ජේතවනාරාම පුදබිමේ මේ වන විට ශේෂව පවතින බුදුන් වහන්සේ වැඩසිටි සුගන්ධ කුටිය හා සක්මන් මළුවද සියැසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව උදා විය.
සැදැහැවතුන් පිරිස හෙට (19) දිනයේදී ජේතවනාරාම පුදබිමේ සිට ආනන්ද බෝධිය අසළ බෝධි පූජාමය පිංකමකට සම්බන්ධ වෙමින් අනතුරුව අංගුලිමාල චෛත්‍යය වන්දනාමාන කරගැනීමට නියමිතයි.